Menu

අපි නොදන්නා අපේ පුදබිම



කුච්චවේලි පිච්චමල් සමුද්‍ර විහාරයේ , වඩදිය සමයේ දී ගොඩබිමෙන් වෙන්ව ඇති ගල්කුළු සහිත දුපතෙහි 
ඉපැරණි චෙත්‍යක නටබුන් දක්නට ලැබේ . මෙම දුපත පාමුල පිහිටි ගල් කුට්ටියක චෙත්‍ය  සහ ඇත් රූපයක් සහිත කැටයමක් මෙන්ම සෙල් ලිපියක්ද දක්නට ලැබේ .මෙය ඉතා පැරණි සෙල් ලිපියකි .

පසුගිය සුනාමි රළ පහරට හසුව මෙය පෙරලී ගොස් ඇත . මේ නිසා මුහුදු රළ පහරට හසුව ඉදිරියෙදී  විනාශ වී යාමේ ඉඩ කඩ ඇත . මෙම පර්වතය විශාල එකක් නොවේ. මුල් පිහිටීමට නැවත සකස් කළහොත් කැටයම හා සෙල් ලිපිය රැක ගත හැක . බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙදී නාලන්දා ගෙඩිගෙය ගලවා නැවත සකස්කළ හැකිනම් මෙම ගල් කුල වෙනස් කල නොහැක්කේ ඇයි ? අවශ්‍ය වන්නේ කැපවීම හා අවශ්‍යතාවය පමණි . 





0


0


පුනරුද සංසදයේ මැදිහත්වීමෙන් ඉදිකල නව ලිදෙහි වැඩ නිම වෙමින් 




කුරිරු යුද්ධය නිසා පීඩා විඳි  කෙවිලියාමඩුව ගම්වාසීන්ගේ වර්තමාන ජන ජීවිතය 











කෙවිලියාමඩුව ගමට තිබෙන එකම පොදු ස්ථානය පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය , මඩකළපුව මංගලාරාමාධිපති නායක හිමිපාණන්ගේ මැදිහත් වීමෙන් ඉදිවූ නව බෝධි ප්‍රාකාරය හා කුඩා විහාර මන්දිරය .




නැගෙනහිර සිංහල බෞද්ධ පුනරුදයේ නියමුවා මඩකළපුව මංගලාරාමාධිපති මඩකළපුව අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක අම්පිටියේ සුමනරත්න හිමිපාණෝ...


මඩකළපුව කෙවිලීයාමඩුව ගම්මානයේ පුනරුදයට උරදෙන ජාතික පුනරුද සංසදය මගින් ක්‍රියාත්මක කරගෙන යන කෙවිලියාමඩුව හරිත ගම්මාන ඒකාබද්ධ ග්‍රාමීය ව්‍යාපෘතිය ........


කෙවිලියාමඩුව විහාරභූමියේ ක්‍රියාත්මක කරන නව ගොවිපලේ පැල තවාන ...




ජාතික පුනරුද සංසදයේ ප්‍රධාන අනුශාසක අවිස්සාවේල්ල මාණික්‍ය වත්ත ශ්‍රී විජයාරාමාධිපති පූජ්‍ය ගරු ගෝනගල ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් හා මගපෙන්වීම ඇතිව විහාරස්ථානයේ දායක දායිකාවන් සහ අවට ප්‍රදේශවාසී පින්වතුන්ගේ ආධාරයෙන් ජාතික පුනරුද සංසදය මගින් පැවත්වූ කෙවිලියාමඩුව ප්‍රජාසත්කාරක වැඩසටහනේ අවස්ථා කිහිපයක්....





0

මඩකළපුව සින්නවත්ත පන්ථාරාම විහාරාධිපති පූජ්‍ය දේවාලේගම කුසලානන්ද හිමි.. 

ඉදිකරමින් පවතින බෝධි ප්‍රාකාරය අසළ සිටින සින්නවත්ත විහාරයේ පොඩි හාමුදුරුවෝ .....


සින්නවත්ත ගම්මානයේ පාලුවට ගිය කුඹුරු යායවල් නිරීක්ෂණය කරන මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් .............


සින්නවත්ත ගමේ කුඹුරු යාය වල වැඩකරන ගෙවිලියන්  





0




ත්‍රිකුණාමල මුලතිව් ප්‍රධාන මාර්ගයේ 34 වන කිලෝමීටර් කණුව අසල කුච්චවේලි නගර සීමාවේ පිහිටි පිච්ච මල් සමූද්‍ර  විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම පුරාවිද්‍යා  ස්ථානයකි . 



විහාරාධිපති කැප්පෙටියාවේ අරුණ  හිමියන් වැඩසිටින අබලන්ව ගිය  සංඝාවාසයේ  ස්වරූපයයි මේ.


වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි බියගම පදිංචි ජේ .වී . සේරසිංහ මැතිනිය විසින් තම ස්වාමිපුරුෂයා වන  ඕස්ට්‍රේලියානු ජාතික  නැසීගිය ජෝන් ෆ්ර්ලි මහතාට පිං පිණිස ඉදිකල නව බෝධි ප්‍රාකාරය .


.
විහාරාධිපති කැප්පෙටියාවේ අරුණ  හිමියන් හා අවිස්සාවේල්ල මානික්කවත්ත විහාරවාසී මොනරාගල සාගර හිමියන් සහ පුනරුද සංසදයේ නිලධාරින් සමඟ විහාරස්ථානයේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරමින් ........



කුච්චවේලි පුරාවිද්‍යා කැනීම්වලින් හමුවූ දුර්ලභ මගුල් ලකුණු සහිත සිරිපතුල හා අනෙකුත් පුරාවිද්‍යා වස්තූන් තැම්පත් කර ඇති අබලන්ව ගිය ශාලාව .........



එම කැනීම්වලිදී හමුවී ඇති විහාරස්තානය පිළිබඳ තොරතුරු ඇතුලත් ටැම් ලිපිය.......



පැරණි දාගැබ සහිත රමණීය දූපත හා මුහුදු වෙරළ මෙම මුහුදු වෙරළ දිය නෑම සඳහා සුදුසු ආරක්ෂිත ස්ථානයකි ..........

0




0
Anushka Thibbotuwawa. Powered by Blogger.